Time table එක Colombo University Science Faculty.......#uoc

801 __________

Welcome to the Imesh Chavindu YouTube channel!


University Website Link - science.cmb.ac.lk/
Handbook - science.cmb.ac.lk/for-current-undergraduates/

*ලංකාවේ තියන හොඳම Science Faculty එක නම් University Of Colombo තමයි.

*Faculty එකක් අතින් ගත්තම ඒක අනෙක් Faculties වලට සාපේක්ෂව හොඳ වෙන්න ගොඩක් සාධක බලපානවා. Faculty එක තුළ තියන Departments, combination, Academic staff members, Subject updates, Special Degree programs වගේ දේවල් බලපානවා.

*මේ වාගේ සාධක සංසන්දනය කරලා තමයි සාපේක්ෂව හොඳ මොකද්ද කියලා නිර්ණය කරන්නෙ.

*Syllabus වල නම් ලොකුවට වෙනසක් වෙන්නෙ නෑ. මොන University එකෙන් Out උනත් ලැබෙන්නෙ Bsc Genaral degree එකම තමයි. නමුත් උඩ කිව්ව සාධක හේතුවෙන් ඒ ඒ Degree වලට තියන Demand එක වෙනස් වෙනවා.

*ඒ වගේම තමා සමහර University වලින් ගන්න පුළුවන් Special degrees (BSc Honours degree) ඒ ඒ University එකට ආවේණික වීමත් හොඳ Faculty එකක් වීමට බලපාන හොඳ සාධකයක්.

උදා :-

** Nuclear Medical Science වලට BSc special එකක් ගන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් විතරයි.

** Geology වලට BSc special එකක් ගන්න පුළුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විතරයි.

**Polymer chemistry වලට BSc special එකක් ගන්න පුළුවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විතරයි.

ඉතින් ඔය වගේ අනිත් University වලත් එක එක Different BSc Honours degree programs තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Physics වලින් හොඳම University එක තමයි කොළඹ විශ්වවිද්‍යලය. Chemistry වලින් හොඳම University එක තමයි පේරාදෙණිය විශ්වවිද්‍යලය. Statistics වලින් හොඳම University එක තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලය.

ඒ වගේම තමා තෝරගන්න Combination වල subject සංකලන එහෙම ගොඩක් වෙනස් University එකෙන් University එකට. උදාහරණයකට ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ Physical Science කරන ළමයින්ට විතරක් තියෙන combination සියල්ලෙම Maths කරන එක අනිවාර්‍යයි. ඒත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Physical Science ළමයින්ට විතරක් තියෙන combination වල Maths නැති සංකලන තෝරගැනීමේ හැකියාව තියනවා. ඒ කෙසේ වෙතත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා හා භෞතික විද්‍යා අංශයෙන් පෙනී සිටි දෙගොල්ලොටම පොදු combination 03 ක් තියනවා.

Chemistry/ Physics/ Polymer(PST)
Chemistry/ Forestry(EMF)/ Management
Chemistry/ Management/ Physics

මේ පොදු සංකලය යටතේ පමණක් Maths අත් හැරීමේ හැකියාවක් Physical science ළමයෙක්ට තියනවා.

සමස්ථයක් ලෙස Science Faculty අතින් හොඳම මෙන්න මෙහෙමයි.

(01) University of Colombo
(02) University Of Peradeniya
(03) University Of Sri Jayawardanapura
(04) University Of Kelaniya
(05) University Of Ruhuna
(06) University Of Jaffna
(07) Eastern University Of Sri Lanka
(08) South Eastern University Of Sri Lanka

කොහොම උනත් තමන්ට පුළුවන් ඉහළම තැනට යන්න. Estern physical ගියත් Colombo physical ගියත් අවසානේ හැමෝම එන්නෙ Job field එකට. අන්න එතනදි කැපවීම, Experience තියන කෙනා ඉස්සරහටම යනවා. ඒ නිසා මොකද්ද හොඳම කියන එකට වඩා තමන්ට යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් BSc Special එකක් ගන්නම Try කරන්න.

Physical Science කරලා Job නෑ කියලා සමහරු කියනවා. ඒක විශ්වාස කරලා Physical අත අරින්න තරම් මෝඩයෙක් නම් වෙන්න එපා. අපේ රටේ එතරම් පිළිගැනීමක් නැති උනත් පිට රට අපේ BSc degree එකට තියෙන්නෙ ඉහළම පිළිගැනීමක්. Job Marcket එකේ තියන තරඟකාරීත්වය නිසා තමන්ට Satis Job එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ඒක ඇත්ත. ඒක Physical Science කරන ළමයින්ට විතරක් නෙමෙයි. ඕනම ක්ෂේත්‍රයකින් එළියට එන ළමයෙක්ට එහෙම තමයි. නූතන සමාජය තාක්ෂණය අතින් දියුණු වීම නිසා ගොඩක්ම Experience වගේම Technical Knowledge එක තමයි උරගා බලන්නෙ. ඉති ගොඩක් උගත් පිරිස් සමහර වෙලාවට මේ හේතු නිසා හැලෙනවා. මතක තියාගන්න Bsc Special Degree එකක් ගත්තා කියලත් Job එකක් අත ළඟටම ගෙනල්ලා දෙන්නෙ නෑ. අපි මහන්සියෙන් ඒක හොයාගන්න ඕනා. ඒ තරම් තරඟකාරීත්වයක් දැනටමත් බිහිවෙලා ඉවරයි.

ඊළඟට Science කරන ළමයෙක්ට යන්න පුළුවන් පැති ගොඩාක් තියනවා. තමන් කරන Subject එක අනුව ඒක වෙනස් වෙනවා. ඒ නිසා තමන් අනාගතේ මොන තැනටද යන්නෙ කියලා නිශ්චිත ඉලක්කයක් ඇතුව අදාළ විෂයන් තෝරගන්න. පහල තියෙන්නෙ ටිකක් නුහුරු වගේ හිතෙන Feilds කිහිපයක්.

ඕවට අමතරව තව ගොඩක් Fields වලට යන්න පුළුවන්. Academic පැත්තෙන්ම ඉස්සරහට යනවා නම් Professor, Lecturer වගේ වෙන්න පුළුවන්. නැත්තම් කෙලින්ම ඔය වගේ Industrial පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. Science Faculty ගිහින් Out වෙන ළමයෙක්ට යන්න පුළුවන් පාරවල් ගොඩයි. අපි අපිට ගැලපෙන පාර හොයාගත්තා නම් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.

ඉතින් නංගීයේ මල්ලියේ ඔයාලගෙන් බහුතරයක්ම උසස් පෙලදි Bio හෝ Maths විෂයන් තෝරගන්නෙ අනාගතයේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමේ අරමුණෙන් කියලා අපි හැමෝම දන්නවා. නමුත් හැමෝටම ඒ සිහිනය මල් ඵල ගන්වන්න බෑ. ඒ වාසනාව හිමි වන්නෙ ඉතාම අතළොස්සකට විතරයි. ඉතින් බැරි උනා කියලා ජීවීතේ පසුතැවෙන්න එපා. එතනින් එහාට යන්න ඕන තරම් Path තියනවා. ඔයාට ඕන නම් තව සැරයක් මහන්සි වෙලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විකල්පයක් තෝරගන්න පුළුවන්. ඉතින් Faculty Of Science කියන්නෙත් අන්න ඒ විකල්ප වලින් එකක් විතරයි. ඉතින් ඔයාලා මොන දේ කරත් අවසානයේ වරලත් උපාධිදාරියෙක් වෙලා සමාජෙට එකතු වෙනවා නම් ජීවීතේ ගොඩක් ලස්සන වෙයි. ඒ ලස්සන ජීවිතය ඔයාම ගොඩනඟාගන්න ඕන බවත් මතක තියාගන්න.

සුභ පතනවා හැමෝටම! ♥

මේ පාර University එකකට තේරිපත් වුනු සිසුන් සදහා විශේෂ වැඩමුලුවක් සංවිධානය කරලා තියෙනවා. Comment section එකෙන් බලන්න පුලුවන්. අවශ්‍ය සිසුන් සම්බන්ද වෙන්න.

Follow me on:

Instagram: instagram.com/imeshchavi?igshid=NTc4MTIwNjQ2YQ==

Facebook: www.facebook.com/aruwan.ranasinghe/

コメント