ඇයිද තවමත් සඳ අමාවක - Aida Thawamath Sanda Amawaka

247 __________

වෙරළ ඉමේ එක සැදෑ යාමෙක
ඉද්දි හුදකලා කබානාවක
බලා ක්ෂිතිජය මා කල්පනාවක
ඇයිද තවමත් සඳ අමාවක

පොඩි එවුන් සේ එකම පොදියට
වැටී සෙල්ලම් කරපු කැකුලිට
බැඳුනු බව මගෙ හිත තදේටම
දැනුනෙ පසුවයි ඒ හැඟුම් මට

ගමේ පාසලේ යහළුවන් ලෙස
ගෙවූ කාලය කෙලි දෙලෙන් අප
සොඳුරු හැඟුමන් පොදිය සිත තුල
බොළඳ මුත් මිහිරියි ඒ අතීතය

එකට සරසවි වරම් ලැබුමට
හැකි වුනේ නුඹෙ දිරි නිසයි මට
අතපසු කලත් දේශණා ඉඳහිට
මගහැරියෙ නෑ නුඹව කිසි දින

යෙහෙළියයි නුඹ සදාකාලික
එහෙත් වෙනසක් තිබුණි හිත යට
සිව් වසක් අග නික්ම යාමට
ඉද්දි මගෙ හිත වෙලුනි ප්‍රේමෙක

දන්න හුරු පුරුදු නුඹේ ඇස් ළඟ
ගොළු උනත් මා නිමේශයකට
හිතපුරා තිබු සෙනෙහෙ නුඹ හට
කීවෙ නුඹ සැනසෙයි කියා මම

කලත් සැලසුම් අනාගතයට
එක කැදැල්ලක දිවි ගෙවන්නට
කිසි ලෙසින් අත් නොහැරි ඉන්නට
කුමට තව කල් බහක් දෙන්නට

දෙන්න දෙතැනක හුඟක් ඈතක
දුටුවෙ නැහැ නුඹ බොහෝ කාලෙක
ඉසිඹුලක් නැති කටුක ජීවිත
යලිත් හමුවෙන්නෙ කෙදින කොතැනක

නිමාකර මේ රළු ඉඩෝරය
වසන්තය රැගෙන නුඹේ දෝතට
එනතුරා නුඹ මගේ පැල වෙත
බලා ඉමි තවමත් ආදරෙන් මම

コメント